කෘෂිකාර්මික වෙළදපල නවමු පියවර

"ගොවිපොළ" ක්‍රොප්ටොනික්ස් පුද්ගලික සමාගමේ දැක්මකට අනුව නිර්මාණය වුනු අනාගත කෘෂිකාර්මික භාණ්ඩ හා සේවා අලවිකරණයේ හැරවුම් ලක්ෂයයි.

ගොවිපොළ ජංගම දුරකථන යෙදුම (App), මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් එකිනෙකා සම්බන්ධ කිරීම සදහා ඩිජිටල් වෙළදපලක් අන්තර්ජාලය තුල නිර්මාණය කිරීම සිදුකරයි. ඒ මගින් විකුණුම්කරුවන්ට තම නිෂ්පාදන අවශ්‍ය ප්‍රචාරණය කිරීමේ අවස්ථාව ලබාදෙන අතර ඒ තුලින් වෙළදපල ජාලයන් ගොඩනගා ගැනීමට සහ වර්ධනය කරගැනීමට ඉඩ සලසයි.

සරල සැලසුම් මගින් දැන්වීම් පලකිරීමට සහ එම දැන්වීම් නැවත නිරීක්ෂණය කිරීමට පරිශීලකයාට ඉඩ සැලසෙන අතර ඒ සදහා අවශ්‍ය මගපෙන්වීමද සපයනු ලබයි.

තම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව වගාකිරීමට උපකාරීවන උපායමාර්ගික තීරණ ගැනීමට, මෙම යෙදුම ගොවින්ට උපකාර කරනු ලබයි.

තවද, ගොවීන් ජාත්‍යන්තරයට නිරාවරණය වීම සහ පුළුල් වෙලද ජාලයන් සදහා ප්‍රවේශවීමේ අවස්තාව සැලසෙන අතරම, ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට කිසිදු අයකිරීමකින් තොරව එකිනෙකා සමග සම්බන්දවීමේ අවස්ථාව සලසා දෙනු ලැබේ.

ගොවිපොළ ජංගම දුරකථන යෙදුම යනු ගොවියා සහ අවසන් පරිශීලකයා අතර වඩාත් ඵලදායී සම්බන්දතාවයක් නිර්මාණය කරනු ලබන පාලමකි.

ගොවිපොළ

අපේ විශ්වසනීය සේවාව

ගොවිජනයා ගේ සමාජීය, ආර්ථික සහ පාරිසරික තිරසාරභාවය ඇතිකිරීම සහ දේශීයකරණය කරන ලද තොරතුරු සහ සේවාවන් සම්ප්‍රේෂණය කිරීම සදහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම සහ ඩිජිටල් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා මැදිහත්වීමෙන් සියලුදෙනාටම පෝෂ්‍යදායි සහ ආර්ථිකමය වාසි සහිත ආහාර සැපයීම සදහා දායකත්වය ලබාදීම අපගේ මෙහෙවරයි.

අපගේ පෙරදැක්ම

අප අපගේ පාර්ශ්වකරුවන්ගේ අනාගත අවශ්‍යතා හොදින් හදුනන අතර සෑම පුද්ගලයෙකුටම වෙන්වෙන්වූ අවශ්‍යතාවයන් සදහා අදාළ විසදුම් සැපයීම සිදුකරන්නෙමු.
අපගේ සේවාවන් දිවයින පුරා සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන භාෂා මාධ්‍යයන් තුනෙන්ම ජංගම දුරකථන යෙදවුම් හරහා ව්‍යාප්ත කරමින් පවතී.
අපගේ ඉලක්කය- ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් ජාල හා කෘෂිකාර්මික ව්‍යාපාරයන්හි සියලු ගනුදෙණු වඩාත් යහපත් හා සුමට අන්තයකට රැගෙන යාම සහ ශ්‍රී ලාංකීය කෘෂිකාර්මිය ක්ෂේත්‍රය තාක්ෂණික වශයෙන් ඊළග පියවර වෙත ඔසවාතැබීමයි.