1. මාගේ දැන්වීම ප්‍රචාරය කරගන්නේ කෙසේද?

ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවා විකිණුමක් සදහා නම්, ජංගම දුරකථන යෙදුම තුල ඇති “නව විකුනුම් දැන්වීමක්” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු උපදෙස් පිළිපදින්න.

 

ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලට ගැනීමක්  සදහා නම්, ජංගම දුරකථන යෙදුම තුල ඇති “නව මිලදිගැනීමක්” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු උපදෙස් පිළිපදින්න.

 

ඔබ ගොවිපොළ ජංගම දුරකථන යෙදුම සදහා නව සාමාජිකයෙක්නම්, පළමුව ලියාපදිංචිවීම සිදුකර ඉන්පසු ඔබේ දැන්වීම ප්‍රචාරය කිරීම සිදුකර හැක.

 

ඔබ තොරතුරු ඇතුලත්කල සැනින් ඔබගේ දැන්වීම අපගේ විකුණුම්/ ඉල්ලීම් තිරය මත දර්ශනය වීම ආරම්භ වේ.

2. යෙදවුම තුල කෘෂි නිෂ්පාදනයක් සෙවීම සිදුකරන්නේ කෙසේද?

ඒ සදහා ජංගම දුරකථන යෙදවුමේ ප්‍රධාන මෙනුවේ විකුණුම්/ ඉල්ලීම් තීරයන් වෙත යන්න. එහි ඔබට අවශ්‍ය විකුණුම් හෝ මිලදීගැනීම් තීරය මත ක්ලික් කරන්න.

ඉන්පසු එහි සදහන් වන භාණ්ඩ ලැයිස්තුව තුලින් ඔබට අවශ්‍ය භාණ්ඩය/ සේවාව මත ක්ලික් කරන්න.

 

එසේත් නැත්නම් සෙවීම් තීරය මත අවශ්‍ය භාණ්ඩයේ නම සටහන් කර සෙවීම සිදුකල හැක.

3. මාගේ දැන්වීමක් නැවත සකසාගන්නේ කෙසේද?

දැන්වීමක් නැවත සකසාගැනීම සදහා ඔබේ ගිණුමට ඇතුල්වී  “මගේ දැන්වීම්” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබට නැවත සැකසීමට අවශ්‍ය තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු උපදෙස් පිළිපදින්න.

4. මාගේ දැන්වීමක් ඉවත්කරගන්නේ කෙසේද?

ඔබේ ගිණුමට ඇතුල්වී “මගේ දැන්වීම්” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු අදාල දැන්වීම මත ඇති “දැන්වීම ඉවත්කිරීම” සලකුණ මත ක්ලික් කරන්න. ඉන්පසු උපදෙස් පිළිපදින්න.

5. මාගේ ගිණුමේ මුරපදය වෙනස්කරන්නේ කෙසේද?

ජංගම දුරකථන යෙදුමේ, මුරපදය වෙනස්කිරීම සදහා පළමුව ඔබේ ගිණුමට ඇතුල්වන්න. ඉන්පසු ප්‍රධාන මෙනුවේ ඇති “මුරපදය වෙනස්කිරීම” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබට මුරපදය වෙනස් කිරීම සිදුකල හැක.

 

ඔබට ඔබේ ගිණුමේ මුර පදය අමතකනම්, ගිණුමට ඇතුල්වීමේදී දක්නට ඇති “මුරපදය අමතකද?” තීරය මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබ භාවිතාකරන දුරකථන අංකය ලබාදෙන්න.

 

නව මුරපදය ඔබට කෙටි පණිවිඩයක් මගින් ලැබෙනු ඇත.එම මුරපදය යොදාගෙන ගිණුමට ඇතුල්වීමට ඔබට හැකියාව ඇත.

6. ගොවිපොළ ජංගම දුරකතන යෙදුම තුල කොපමණ කාලයක් දැන්වීම් ප්‍රදර්ශනය කල හැකිද?

ඔබගේ ඉවත්කිරීමකින් තොරව දැන්වීම් සති දෙකක කාලයක් ගොවිපොළ යෙදුම තුල ප්‍රදර්ශනය වේ.

7. මාගේ විකුණුම් සදහා වඩාත් හොද අනුපාතිකයක් මා ලබාගන්නේ කෙසේද?

විකුණුම් සහ මිලට ගැනීම් පිළිබද දැන්වීම් හොදින් සංසන්දනය කරන්න. ගැනුම්කරුවන් මිලටගැනීමට බලාපොරොත්තුවන මිල සංසන්දනය කර විකුණුම් මිල තීරණය කරන්න.

9. මා මගේ විකුණුම් කරුවන් හෝ ගැනුම්කරුවන් සම්බන්දකරගන්නේ කෙසේද?

ඔබ ඔබට අදාළ භාණ්ඩය විකිණීමේදී හෝ මිලට ගැනීමේදී, ඔබේ අවශ්‍යතාවය අනුව හොඳම පුද්ගලයා තෝරාගන්න. ඉන්පසු ඔවුන් සමග ගනුදෙනුව සිදුකරගැනීමට දැන්වීම මත ඇති ඔහුගේ/ ඇයගේ දුරකථන අංකය මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබට සෘජුව දුරකථන මාර්ගයෙන් ඔවුන් හා සම්බන්ධ විය හැක.

10. මට දැන්වීමක් පලකරගැනීමට නොහැකි වුවහොත් මා කලයුත්තේ කුමක්ද?

ජංගම දුරකතන යෙදුමේ ප්‍රධාන මෙනුවේ ඇති “පණිවිඩ” තීරය මත ක්ලික් කරන්න. එසේ නැතිනම් Google play store හි අදහස් දැක්වීම් තීරය තුල හෝ අපගේ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සදහන් කල හැක.

ඔබට ගැටලුවක්ද?

ඕනෑම ගැටළුවක් හෝ පැහැදිලිකරගැනීමක් සදහා ඕනෑම මොහොතක අප සමග සම්බන්ධ වන්න.

අමතන්න අපව.

අප ගැන,

අප ආයතනය හා ආයතනයේ සේවාවන් පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීම, අප වෙබ් පිටුවේ ප්‍රධාන මෙනුවේ ඇති "ආයතනය පිළිබද" තීරය මත ක්ලික් කරන්න.

Learn More